ආනයනික සීනි සදහා පනවා තිබු බදු අඩු කිරීම තුළින් රජයට පාඩු සිදුකළ බවට ගොණුකර ඇති පෙත්සම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

ඒ අදාළ පෙත්සම අද එස් තුරෙයිරාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවු අවස්ථාවේදීයි.

මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම අප්‍රේල් මස 02 වනදා යළි කැදවන ලෙසයි.

ජාතික ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති මහතා විසින් මෙම මුලික පෙත්සම ගොණුකර තිබුණා.

ආනයනික සීනි බදු අඩු කිරීම මගින් රජයට රුපියල් කෝටි 1590 ක් පාඩු වු බවයි අදාළ පෙත්සමේ දැක්වෙන්නේ.

WhatsApp Group

Skip to content