ආනයනික සුදු සීනි, පරිප්පු සහ තිරිඟු පිටි හි තොග මිල පහළ දමා තිබෙනවා.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් සදහන් කළේ මේ අනුව සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 265 ක් දක්වාත්, තිරිගු පිටි කිලෝවක් රුපියල් 175 ක් දක්වා සහ පරිප්පු කිලෝවක් රුපියල් 285 ක් දක්වාත් මිල අඩු කර ඇති බවයි.

එළඹෙන උත්සව සමයේදී පාරිභෝගික ජනතාවට කිසිදු බාධාවකින් තොරව එම අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය මිලදීගැනීමට තමන් සතුව තොග පවතින බවද ඔවුන් සදහන් කළා.

කෙසේ වෙතත් සුදු සීනි, පරිප්පු සහ තිරිගු පිටි තොග මිල අඩු කළත් සුපිරි වෙළදසැල් සහ සිල්ලර වෙළදසැල්වල එම භාණ්ඩවල මිල අඩු වී නොමැති බවයි වාර්තා වුණේ.

WhatsApp Group

Skip to content