සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කර තිබෙනවා.

ඒ ඊට අදාළ නව ගැසට් නිවේදනයක් නිකුත් කරමින්.

සුදු සීනි පැකට් නොකළ කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 275ක් සහ පැකට් කළ කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 295ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් පසුගිය 03 වනදා මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබුණා.

එසේම දුඹුරු සීනි පැකට් නොකළ කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 330ක් සහ පැකට් කළ කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 350ක උපරිම සිල්ලර මිලක් නියම කිරීමටයි කටයුතු කර තිබුණේ.

ඒ අනුව නව ගැසට් නිවේදනය මගින් එම මිල ගණන් ඉවත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content