සීනි අලෙවි කළ යුත්තේ පාලන මිලට පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

පාලන මිල ඉක්මවා සීනි අලෙවි කරන්නන් සොයා මෙම දිනවල පාරිභෝගික සේවා අධිකාරිය විසින් වැටලීම් සිදු කෙරෙමින් පවතින බවටයි ඒ මහතා කියා සිටියේ.

ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

https://www.vnews.lk/storage/2023/11/RANJITH-SIYAMBALAPITIYA-EDIT-02.mp3?_=1

මේ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු පාලනය සදහා ඉදිරියේදි නව අධිකාරියක් පත් කිරීමට තීරණය කර ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/11/RANJITH-SIYAMBALAPITIYA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content