වෙඩි ප්‍රහාරයකට ලක්ව සිටින සීතා ඇතින්න සම්බන්ධයෙන් බලධාරින්ගේ නිසි අවධානය යොමු නොවීම කණගාටුවට කරුණක් බව එම ඇතින්නගේ හිමිකරු වන එස්.එම්.රොෂාන් මහතා පවසනවා.

ඔහු පවසන්නේ මේ වන විට ඇතින්නගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් මට්ටමක නොමැති බවයි.

වෙඩි වැදීමෙන් සිදු වූ තුවාල උත්සන්න වීම හේතුවෙන් ආහාර ලබා ගැනීම ද අඩු කර ඇති බවයි සීතා ඇතින්නගේ හිමිකරු ප්‍රකාශ කළේ.

බටහිර මෙන්ම දේශීය වෛද්‍ය ප්‍රතිකාර සිදුකළ ද රජයෙන් තවමත් වගකිවයුතු කාර්යයක් සිදු නොවූ බවටයි එස්.එම්.රොෂාන් මහතා වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/10/ROSHAN-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content