සීගිරිය සහ දඹුල්ල සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ මූලික සැලසුම් මෙම වසරේ තුන්වැනි කාර්තුවට පෙර අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට පසුගියදා (19) උපදෙස් දී තිබේ.

මෙම ව්‍යාපෘතියේ නාගරික පහසුකම් සැපයීමේ පහසුකම වෙනුවෙන් මුදල් අමාත්‍යංශය විසින් කමිටුවක් ද පත්කර තිබේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ තිරසර නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ බවයි.

2019 වසරේ දී ආරම්භ කෙරුණු මේ ව්‍යාපෘතිය රටේ ඇති වූ කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව නතර කෙරිණි.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිවයි.

WhatsApp Group

Skip to content