සිසු හෙද පුහුණු පාඨමාලාව සදහා අයදුම්පත් කැදවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2019 සහ 2020 යන වර්ෂවල ජීව විද්‍යා විෂය ධාරාවෙන් හෝ භෞතික විද්‍යා විෂය ධාරාවෙන් අපොස උසස් පෙළ විභාගයට සමත් සිසුවියන්ගෙන් මාර්ගගතව අයදුම්පත් කැදවීමට නියමිතයි.

ලබන 15 වන දා සිට ඔක්තෝම්බර් 18 වන දින දක්වා මෙම අයදුම්පත් කැදවන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

මේ සම්බන්ධයෙන් තොරතුරු රජයේ ගැසට් පත්‍රයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිස ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

WhatsApp Group

Skip to content