2019/2020 වර්ෂයන්හි උසස් පෙළ විද්යා විෂය ධාරාවන්ගෙන් සමත් වූ සිසුන් සඳහා හෙද ඩිප්ලෝමා පාඨමාලාවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මෙම වසරේ ජනවාරි, පෙබරවාරි හා මාර්තු මාසයන්වලදී දිවයින පුරා පිහිටි හෙද විදුහල්වල සහ සෞඛ්ය අමාත්යාංශයේ දී පැවැත්වූ අතර, මුල් වටයේ සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගි වීමට නොහැකි අපේක්ෂයින් සඳහා, සම්මුඛ පරීක්ෂණයට සහභාගීවීමේ අවස්ථාවක් 2024 මැයි මස 26 ලබා දී තිබේ.
සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගි වූ අපේක්ෂකයින් අතරින් හෙද ඩිප්ලෝමා පුහුණුව සඳහා තෝරා ගනු ලබන අපේක්ෂකයින්ගේ නාම ලේඛනය, ප්රසිද්ධ කිරීමට පෙර අදාළ Z අගය තහවුරු කර ගැනීමට මොරටුව විශ්වවිද්යාලයේ තොරතුරු තාක්ෂණ අංශයට යොමු කොට ඇති අතර එම අගයන් පිළිබද තොරතුරු ජූලි මාසයේ දී ලබා දීමට හැකි වෙතැයි එම විශ්වවිද්යාලය ප්රකාශ කොට ඇත.
මේ සම්බන්ධයෙන් සෞඛ්ය අමාත්යාංශය මගින් සිදුකල යුතු මූලික කටයුතු අවසන් කර ඇති අතර අදාළ සහතික කළ තොරතුරු මොරටුව මොරටුව විශ්වවිද්යාලයෙන් ලද වහාම තෝරා පත්වූ අපේක්ෂකයින්ගේ නාම ලේඛනය ප්රසිද්ධ කිරීමට කටයුතු කරන බව සෞඛ්ය අමාත්යාංශයේ නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් (පාලන II) චාමික එච්. ගමගේ මහතා සඳහන් කරයි.

WhatsApp Group

Skip to content