වසර 4 කට පසු තායි එයාර්වේස් ගුවන් සමාගමට අයත් ගුවන්යානයක් ඊයේ රාත්‍රීයේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණියා.

තායිලන්තයේ සිට පැමිණි මෙම යානයෙන් තායි ජාතිකයින් ඇතුළු විදේශීය සංචාරකයින් 150 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සදහන්.

මෙම ගුවන්යානයෙන් පැමිණි සංචාරකයින් පිලිගැනීම සඳහා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ද ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තය වෙත පැමිණි සිටි බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු සදහන් කළේ.

WhatsApp Group

Skip to content