කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාරයක සිවිලිමක සගවා තිබියදී රුපියල් මිලියන 9 ක් පමණ වටිනා ශල්‍ය උපකරණ තොගයක් හමු වී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී මේ බව අනාවරණය වී තිබෙනවා.

එහිදි විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතා පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරින්ට පැවසුවද එය මෙතෙක් ඉටු වී නොමැති බවයි.

ඒ හේතුවෙන් එම සිද්ධිය විමර්ශනය කිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට කටයුතු කරන බවයි විගණකාධිපතිවරයා දැනුම් දී ඇත්තේ.

WhatsApp Group

Skip to content