ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල්  එච්.එම්.එස්.කේ.බී. කොටකදෙණිය මහතා කැබිනට් මණ්ඩලයේ නිර්දේශය මත වරාය , නාවික කටයුතු සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් 03/13 දින එම අමාත්‍යාංශයේ දී පත් කර තිබේ .
මෙම අවස්ථාවට එම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චචන්ද්‍ර මහතා ද සහභාගී වී සිටියේය .
එයාර් වයිස් මාර්ෂල් කොටකදෙණිය මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳව සහ ඉන්දියාවේ මදුරාසි විශ්ව විද්‍යාලයෙන් ආරක්ෂාව සහ උපාය මාර්ගිකාඅධ්‍යයනය පිළිබඳව ද පශ්චාත් උපාධි හිමි කර ගෙන තිබේ .
 මීට අමතරව ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ චීනයේ ආරක්ෂක විශ්ව විද්‍යාල වලට වැඩිදුර අධ්‍යාපනය ලබා තිබේ .
මීට පෙර ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස සේවය කළ පී.ඒ.ජයකාන්ත මහතා පසුගිය දා  විශ්‍රාම ගෙන තිබුණි .

WhatsApp Group

Skip to content