මෙම වසරේ අවසන් පුර පසළොස්වක පොහොය දිනය වන උදුවප් පොහොය දිනය අදට යෙදී තිබෙනවා.

බුදුන් වහන්සේ අනිමිස ලෝචන පූජාව සිදු කරමින් කළ ගුණ සැලකීමේ ගුණය පෙන්නුම් කළේද අද වැනි දිනකයි.

උදුවප් පුර පසළොස්වක පොහොය දිනයේ ඇති වැදගත් කම පිලිබදව වී එෆ් එම් ප්‍රවෘත්ති අංශය සැකසු විශේෂාංගයක් පහතින් දැක්වේ.

https://www.vnews.lk/storage/2023/12/POYA-FEATURE.mp3?_=1

මේ අතර අදට යෙදී තිබෙන උඳුවප් පුර පසලොස්වක පොහෝ දිනයත් සමග ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වනවා.

අද සිට ශ්‍රී පාද වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම සම්බන්ධයෙන් සියලු කටයුතු සූදානම් කර ඇති බවයි ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති සබරගමු දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content