ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.

එස්.තුරෙයිරාජා, මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල වෙනුවෙනුයි මෙම තීන්දුව ලබා දුන්නේ.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුවයි ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ල මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේ.

WhatsApp Group

Skip to content