අදට යෙදී ඇති සිරකරු දිනය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් 350 දෙනෙකු විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී දිසානායක මහතා නිවේදනය කළේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙලෙස විශේෂ රාජ්‍ය සමාව පිරිනැමෙන බවයි.

ඒ අනුව, සුළු වැරදි සඳහා බන්ධනාගාර ගත වූ රැඳවියන් 350 දෙනෙකු අද දිනයේදී නිදහස් කිරීමට නියමිතයි.

මේ අතර සිරකරු දිනය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා අද දිනයේදී විශේෂ අවස්ථාවක් ලබාදීමට ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content