පල්ලකැලේ කුණ්ඩසාල එළිමහන් සිරකඳවුරෙන් පළායමින් සිටි රැඳවියෙකු ගම්පහ ඉහළගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අදාළ පුද්ගලයාගේ සැකකටයුතු හැසිරීම නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේවලදී ඔහු කියා සිටියේ තමා සිරභාරයෙන් පළා ආ බවයි.

මෙම පුද්ගලයා දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු වන අතර ගම්පහ ප්‍රදේශයේ නිවසක් ද කොල්ලකා ඇති බව පසුව අනවරණය වූ බව පොලීසිය පැවසුුුවා.

සැකකරු ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content