බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

බේකරි නිෂ්පාදකයින්ගෙන් ගෑස් පරිභෝජනය සිදු කරනු ලබන්නේ සියයට 25 ක පමණ ප්‍රමාණයක් වන බවටයි එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා කියා සිටියේ.

ගෑස් මිල අඩු කිරීමත් සමග බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරි දින 2 තුළ තීරණයක් ප්‍රකාශයට පත් කිරීමට තීරණ ගන්නා බවද ඔහු කියා සිටියා.

මේ අතර අද මධ්‍යම රාත්‍රීයේ සිට බත් පැකට්ටුවක මිල සහ කොත්තු රොටියක මිල ඇතු`ඵ තවත් ආහාර කිහිපයක මිල ගණන් සියයට 20 කින් අඩු කිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ගෑස් මිල අඩු කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා කියා සිටියේ.

එමෙන්ම සාමාන්‍ය තේ කෝප්පයක මිල ද රුපියල් 10 කින් අඩු කරන අතර එහි නව මිල රුපියල් 30 ක් වනු ඇති බව සදහන්. කෙසේ වෙතත් කිරි තේ එකක මිල රුපියල් 90 ක් ලෙසම පවතින බවද අසේල සම්පත් මහතා වැඩිදුරටත් කියා සිටියා.

https://www.vnews.lk/storage/2023/04/ASELA-SAMPATH-EDIT-.mp3?_=1

මේ අතර පාරිභෝගික අයිතීන් සුරැකිමේ ජාතික සංවිධායක රංජිත් විතානගේ මහතා කියා සිටියේ රජය කුමන සහන ලබා දුන්නද ව්‍යාපාරිකයන් විසින් එහ වාසිය පාරිභෝගිකයා හට ලබා නොදෙන බවයි.

https://www.vnews.lk/storage/2023/04/RANJITH-VITHANAGE-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content