මෙම වසර තුළ ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසමේ තීරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහය පළ කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 ක් බවට රනිල් වික්‍රමසිංහ මහතා තරයේ විශ්වාස කරන බවයි.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකථනය කරන තුරු දැනට නියම කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ව්‍යාපාරිකයෙකු විසින් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා.

WhatsApp Group

Skip to content