රට සංවර්ධනය කරා ගෙන යන වැඩපිළිවෙළේදී විශ්ව විද්‍යාල සිසුන්ට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා සඳහන් කළේ ඒ සඳහා කෘෂිකාර්මික , සංචාරක, ව්‍යවහාරික, තාක්ෂණය ඇතුලු විවිධ ක්ෂේත්‍රවල සංවර්ධනය සඳහා විශ්ව විද්‍යාල සිසුන් දායක කර ගැනීමට අපේක්ෂා කරන බවයි .

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් සමග පසුගියදා යාපනයේ පැවති හමුවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පල කළා .

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ නියමිත කාලය තුළ දී විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කළ යුතු බවට ඉදිරියේදී නීතියක් ගෙන ඒමට අපේක්ෂා කරන බවයි.

WhatsApp Group

Skip to content