ආර්ථික අර්බුදයත් සමග ඇණහිට තිබූ සියලු මහා පරිමාණ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා .

එහි ලේකම් ඩබ්ලිව්. එස් සත්‍යානන්ද මහතා පැවසුවේ මේ වනවිට ඉදිකිරිම් ඇණහිට ඇති ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට ප්‍රමුඛතාව මත හඳුනා ගනිමින් සිටින බවයි.

කොළඹ නගරයේ පමණක් මේ වනවිට නිවාස ව්‍යාපෘති 10 ක ඉදිකිරිම් ඇණහිට ඇති බව සඳහන් .

එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේ මහා පරිමාණ රථ ගාල් 3 ක ද ඉදිකිරීම් මෙලෙස ඇණහිට ඇති බවයි.

ඒ සඳහා ආයෝජනය කළ ඉදිකිරීම් කරන ආයතනවලින් යළි ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා යෝජනා කැඳවා ඇති බව නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළා .

ඩොලරයේ අගය ඉහළ යාම සහ අමුද්‍රව්‍ය මිල ඉහළ යාම වැනි කරුණු මත පදනම්ව ඉදිකිරිම් පිරිවැය තීරණය කර එම ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ .

WhatsApp Group

Skip to content