දිවයිනේ සියලු ජලාශ, වැව්, වේලි සහ ජලය රැගෙන යන උමං මාර්ගවල වර්තමාන ආරක්ෂික තත්ත්වය පිළිබදව වාර්තාවක් සති 2 ක් ඇතුලත ලබා දෙන ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ සඳහා යොදා ගන්නා තාක්ෂණික තොරතුරු මත පදනම්ව ඒවායේ සිදු කළ යුතු අළුත්වැඩියා කටයුතු සහ ඒ සඳහා අපේක්ෂිත පිරිවැය ද ඇතුළත් වාර්තාවක් සති 2 ක් ඇතුළත ලබා දෙන ලෙසටයි ඒ මහතා අදාළ බලධාරින්ගෙන් ඉල්ලා ඇත්තේ.

ඒ අනුව අදාළ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කර කඩනමින් ඉදිරි පියවර ගැනීමට අපේක්ෂා කරන බවයි සාගල රත්නායක මහතා කියා සිටියේ.

ඔහු මේ බව සදහන් කළේ අද දින ජලාශ, ඇලවේලිවල තත්ත්වය සම්බන්ධයෙන් අදාළ රේඛිය ආයතනවල නිලධාරින් සමඟ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාකට එක්වෙමින්.

WhatsApp Group

Skip to content