මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘතිවල කොන්ත්‍රාත්කරුවන්ට පොදු ක්‍රමවේදයක් ඔස්සේ ගෙවීම් සිදු කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා.

රට තුළ පවතින වත්මන් ආර්ථික තත්ත්වය සහ අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින් මෙම ක්‍රියාමර්ගය ගත් බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව සමාගම් වලට ගෙවිය යුතු බිල්පත්වල කල්ගත වීමේ ප්‍රමුඛතාවය අනුව සහ වටිනාකමට අදාලව කල් පිරෙන බැඳුම්කර මගින් ගෙවීමටයි අමාත්‍යංශය පියවර ගෙන තිබෙන්නේ.

රජයේ පිළිගත් බැඳුම්කර නිකුත් කිරීමක් මගින් එම මුදල් කොටස් වශයෙන් ගෙවීමට අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කර ඇති බවයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ

WhatsApp Group

Skip to content