රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ මෙන්ම අනෙකුත් අමාත්‍යංශ යටතේ ඇති එක් එක් ආයතනවල වාර්ෂික වාර්තා අප්‍රමාදව පාර්ලිමේන්තුවට ලබාදීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි මෙම උපදෙස් ලබා දීම සිදු කළේ.

මෙහිදී ආයතන කිහිපයක වාර්ෂික වාර්තා අනුමත කිරීම සඳහා උපදේශක කාරක සභාවට ඉදිරිපත් වූ අතර ඇතැම් වාර්ෂික වාර්තා 2018, 2019 වර්ෂවලට අදාළ වීම පිළිබඳව ද එහිදී අවධානය යොමු වුණා.

WhatsApp Group

Skip to content