කටුනායක ගුවන් තොටුපොළ ප්‍රමුඛව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක සියලුම ගුවන් තොටුපොළ සහ වරායන් තුළ අද වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.
ගුවන්තොටුපල අප වාර්තාකරු සඳහන් කලේ අද උදැසන ආරම්භ කල මෙම විරෝධතා ව්‍යාපාරය හෙට උදැසන 09 දක්වා වලංගුවන බවයි.

ඒ අනුව අත් වල කළු පටි බැද වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාරයක නිරත වීම ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කර තිබෙනවා.

දැනට ආගමන විගමන දෙපාර්තමේන්තුව තුල පවතින උග්‍ර නිලධාරී හිගය , නිසි කළට තනතුරු සදහා පුරප්පාඩු නොපිරවීම , රාජකාරී සේවා මුර ක්‍රමය වෙනස් කිරීම , රජය ස්ථිර වීසා ප්‍රතිපත්තියක නොපිහිටා කටයුතු කිරීම හේතුවෙන් සංචාරකයන් වේශයෙන් ජාත්‍යන්තර ජාවාරම්කරුවන් රට තුළට ඇතුළු වීම , වීසා අයදුම්පත් සම්බන්ධයෙන් කටයුතු කිරීමට විදේශීය පෞද්ගලික සමාගමකට භාර දීම යනාදී කරුණු මුල් කර ගනිමින් මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content