2018 වසරට සාපේක්ෂව වර්තමානයේ සියයට 70කින් බදු ආදායමක් මෙරටට අහිමි වී ඇත්තේ ආනයන සීමා හේතුවෙන් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පවසනවා.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ.

මේ අතර මෙරට පැවති ආර්ථික අර්බුදය හමුවේ විදෙස් ප්‍රේශණ මෙරටට ගෙන්වා ගැනීම දිරිමත් කිරිමේ අරමුණින් විදෙස් ගත ශ්‍රමිකයන් වෙත විදුලි වාහන ගෙන්වීම සඳහා බලපත්‍ර ලබා දීම සිදු කර තිබෙනවා.

මෙලෙස විදුලි වාහන ගෙන්වීම සඳහා බලපත්‍ර ලබා දීම තුළින් මෙරටට රුපියල් කෝටි 35ක බදු ආදායමක් අහිමි වී ඇති බවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පසුගියදා සඳහන් කළා.

 

WhatsApp Group

Skip to content