සියදිවි හානිකර ගැනීම පිළිබද මාධ්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් අද දින (11)  ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවනාගාරයේ (SLMA)  දී පැවැත්විණි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, මානසික විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව, ඔක්තෝබර් මස 10 දිනට යෙදුන ලෝක මානසික සෞඛ්‍ය දිනට සමගාමීව මෙම මාධ්‍ය හමුව පවත්වන ලදි. මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ද එක්ව සිටියහ.

මානසික සෞඛ්‍ය පිළිබදව විශේෂ අවධානයක් යොමු කරමින් මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සදහා සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුහුණු කිරීමේ වැඩසටහන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබෙන බවත්, විධිමත් හා කාලෝචිත ප්‍රතිපත්ති සකස් කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බවත්, ඒ තුළින් වඩා හොද මානසික සෞඛ්‍ය ප්‍රතිකාර සේවාවක් / මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන ක්‍රියාවලියක් සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ජනතාවට ලබාදීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මෙහිදී පෙන්වා දෙන ලදි.

සෑම වසරකම ඔක්තෝබර් මස 10 දින ජාත්‍යන්තරව ලෝක මානසික සෞඛ්‍ය දිනය සමරනු ලබන බවත් මානසික සෞඛ්‍ය පිළිබදව ජනතාව දැනුවත් කිරීම, ප්‍රතිපත්ති සම්පාදකයින් දැනුවත් කිරීමට, ඒ සදහා ප්‍රතිපාදන හා ප්‍රතිපත්ති සැකසීම, මානසික සෞඛ්‍ය පිළිබදව සමාජයේ තිබෙන විවිධ ගැටළු පිළිබදව සමාජය දැනුවත් කිරීම  එවැනි විශේෂ දිනයක් වෙන් කිරීමේ  ප්‍රධාන අරමුණ වන බවත් ඒ මහතා පැවසිය.

WhatsApp Group

Skip to content