සිමෙන්ති මිල අඩු කරන බවට රජය ප්‍රකාශ කලද එය අඩු කිරීමට මෙතෙක් ක්‍රියා කර නොමැති බව ජාතික ඉදිකිරිම සේවක සංගමය පවසනවා .

එහි ලේකම් සුපුන් අබේසේකර මහතා සඳහන් කලේ මේ හේතුවෙන් ජනතාව දැඩි පිඩාවට පත්ව ඇති බවයි .

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා .

https://www.vnews.lk/storage/2023/09/SUPUN-ABYESEKARA-EDIT.mp3?_=1

මේ අතර පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට ජනතාවගෙන් ලැබෙන පැමිණිළි විමර්ෂනය කිරීමේ බලය විමධ්‍යගත කරමින් දිස්ත්‍රික් මට්ටමින් පැමිණිළි විමර්ශනය ආරම්භ කර තිබෙනවා.

වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ යෝජනවකට අනුව දිස්ත්‍රික්ක 25 තුළ විමර්ශන පැවැත්විය හැකි ක්‍රියාපටිපාටියක් සකස් කර එම ක්‍රියාවලිය එලි දැක්වීම ඊයේ සිදු කළා.

පාරිභෝගිකයන් යොමුකරන පැමිණිලි විමර්ශන වෙනුවෙන් රටේ ඕනෑම තැනක සිට ප්‍රධාන කාර්යාලයට පැමිණිය යුතු වීම හේතුවෙන් විමර්ශන කටයුතු විශාල ප්‍රමාණයක් ගොඩගැසී තිබෙනවා.

ඒ හේතුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ පාරිභෝගිකයන් හට සහන සැලැස්විමේ අරමුණ කඩ වන බවයි එම අධිකාරිය පවසන්නේ.

මේ හේතුවෙන් දිස්ත්‍රික්ක 25 තුළ විමර්ශන පැවැත්විය හැකි ක්‍රියාපටිපාටියක් සකස් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content