සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය හා ටී ටෙන් ග්ලෝබල් ස්පෝට්ස් පළමු වරට සංවිධාන කරන සිම් – ඇෆ්රෝ ටී 10 ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු සිදු කර තිබෙනවා.

තරගාවලිය ජූලි 20 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත්තේ කණ්ඩායම් පහකගේ සහභාගීත්වයෙන්.

ඩර්බන් කැලැන්ඩර්ස්, කේප් ටවුන් සැම්ප් ආර්මි, හරාරේ හරිකේන්ස්, බුලවායෝ බ්‍රේව්ස් සහ ජොහැනස්බර්ග් බෆලෝස් යන කණ්ඩායම් තරගාවලියට එක්වන අතර, සියලු තරග හරාරේ හී දී පැවැත්වීමට නියමිතයි.

ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවේ දී ක්‍රීඩකයින් 80 දෙනෙකු සියලු කණ්ඩායම් විසින් තෝරා ගනු ලැබුවා.

එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙකු ද කණ්ඩායම් හිමිකරුවන් විසින් සිය කණ්ඩායම් වෙත මිලදී ගැනීමට කටයුතු කළා.

ඒ අනුව භානුක රාජපක්ෂ, මහීෂ් තීක්ෂණ හා චාමික කරුණාරත්න මිලදී ගනු ලැබුවේ කේප් ටවුන් සැම්ප් ආර්මි කණ්ඩායමයි.

හරාරේ හරිකේන්ස් කණ්ඩායම විසින් කෙවින් කොත්තිගොඩ සිය කණ්ඩායමට මිලදී ගනු ලැබුවා.

තිසර පෙරේරා ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ බුලවායෝ බ්‍රේව්ස් කණ්ඩායම වෙනුවෙනුයි.

WhatsApp Group

Skip to content