සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය අද පැවැත්වෙනවා.

කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන මෙම තරගය අද රාත්‍රී 7ට ආරම්භ වනවා.

කණ්ඩායම් දෙක අතර පැවැති පළමු තරගය කඩුළු 3කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූනා.

ඒ අනුව තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ තරග 1 ට බින්දුවක් ලෙස මේ වන විට ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසු වනවා .

WhatsApp Group

Skip to content