එළැඹෙන සිම්බාබ්වේ සංචාරය සඳහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.
ජූලි 6 වැනිදා සිට ආරම්භ වන පන්දුවාර විස්සයි 20 තරගාවලිය සදහා තරග 5ක් ඇතුලත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
ෂුබ්මන් ගිල්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.
අයි.පී.එල් පිටියේ දී දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින් වන අභිෂේක් ෂර්මා, නිටිෂ් කුමාර්, රියාන් පරාග් හා තුෂාර් දේශ්පන්ඩේ පළමු වරට ජාතික සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට අදාළ ඉන්දීය සංචිතයට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් අතරින් මෙම සංචිතයට නම් කර ඇත්තේ සංජු සැම්සන් හා යශස්වි ජයිස්වාල් පමණයි.
ලෝක කුසලාන සංචිතයට ඇතුළත් සෙසු සියලු ක්‍රීඩකයින් මෙම තරගාවලියේදී විවේක ගන්වා තිබෙනවා.

WhatsApp Group

Skip to content