ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 4කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 365ක්.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 420ක් දක්වා රුපියල් 3කින් ඉහළ දමා තිබෙනවා.

මේ අතර ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 351ක් වනවා.
ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 62කින් ඉහළ දමා ඇති අතර එහි නව වන්නේ රුපියල් 421ක්.

මේ අතර ලංකා අයි.ඕ.සී සමාගම ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මේ අතර සයිනොපෙක් සමාගම ඊයේ සවස 6 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින් වැඩිකර ඇති අතර එහි නව මිල රුපියල් 420ක් වනවා.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 348 දක්වා රුපියල් 10කින්ද සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 417 දක්වා රුපියල් 61කින් ද වැඩි කිරීමටයි කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත් ඔක්ටේන් 92 පෙට්‍රල් මිලෙහි වෙනසක් කර නොමැති අතර, ඒ අනුව එහි ලීටරයක මිල රුපියල් 358කම පවතිනවා.

WhatsApp Group

Skip to content