සිනොපෙක්හි දෙවන ඉන්ධන තොගය අද දිවයිනට පැමිණෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඉන්ධන පිරවුම්හල් අලෙවිකරුවන් සමඟ ගිවිසුම් අත්සන් කර අවසන් වූ පසු සිනොපෙක් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 150ක් සමඟ ඛනිජ තෙල් මෙහෙයුම් ආරම්භ කරන බවයි අමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ.

මෙරට සිල්ලර විකුණුම් ක්‍රමයට ඉන්ධන අලෙවි කිරීම සඳහා එක්ව සිටින චීනයේ සයිනොපෙක් සමාගම සිය ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සදහා අවශ්‍ය පළමු ඉන්ධන තොගය සහිත නැව කොළඹ වරායට ඊයේ පැමිණියා.

ඒ අනුව සිනොපෙක්හි පළමු ඉන්ධන තොගය මුදා හැරීම ඊයේ ආරම්භ කල බව අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කලා.
ට්විටර් පණිවිඩයක් යොමු කරමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

WhatsApp Group

Skip to content