සික් ජාතිකයන් සඳහා ඉන්දියාවේ වෙනම රාජ්‍යයක් බිහි කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ විවිධ ක්‍රියාකාරකම්වල නිරතව සිටින කලිස්තාන් කණ්ඩායමට සහාය වන ප්‍රචාරක වැඩකටයුතු සිදු කළ ‘මුහුණු පොතේ‘ ගිණුම් ඉවත් කිරීමට එහි හිමිකාර මාක් සකර්බර්ගේ මෙටා සමාගම පියවර ‍ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චීනයේ සිට මුහුණු පොත තුළින් ක්‍රියාත්මක කළ බව කියන එවැනි කලිස්තාන ප්‍රචාරක ගිණුම් 37ක්, පිටු 13ක්, සමූහයන් 5ක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් ඉවත් කර ඇති අතර, එම ගිණුම් මෙටා සමාගමේ ප්‍රතිපත්ති උල්ලංඝනය කළ බව තහවුරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

WhatsApp Group

Skip to content