අස්වැසුම විශේෂ ඒකකයක් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම පිහිටුවීමට රජය තීරණය කර තිබෙනවා.

එයට අදාළ විශේෂ සාකච්ඡාවක් ඊයේ අරලියගහ මන්දිරයේ දී පැවති අතර එහි දී මේ පිළිබදව අවධානය යොමු වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ.

2023 වසරේ සියලුම අස්වැසුම අභියාචනා ජනාවාරි මස 31 වනදා වන විට විසදා අවසන් කිරීමටත් 2 වන වටය සඳහා අස්වැසුම අයදුම් පත් කැඳවීමටත් එහිදී තිරණය කර තිබෙනවා.

එයට අදාළවයි මෙලෙස අස්වැසුම විශේෂ ඒකකයක් ඇති කිරීමට තීරණය කර ඇත්තේ.

එමෙන්ම එම විශේෂ ඒකකය සඳහා ග්‍රාමීය මට්ටමින් නිලධාරියෙකු පත් කිරීමටද සාකච්ඡා වී තිබෙනවා.

WhatsApp Group

Skip to content