අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි සැකකරුවෙකු කොටහේන බ්ලූමැන්ඩල් මහල් නිවාස සංකීර්ණයක පස්වන මහලින් අත්විලංගු සමඟ බිමට පැන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොටහේන පොලීසිය පැවසුවේ, මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 5 ශ්‍රී සිද්ධාර්ථ පාරේ පදිංචිව සිටි 31 හැවිරිදි පුද්ගලයෙක් බවයි.

මියගිය සැකකරු ඉකුත් 29 වනදා වෙරළබඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් හෙරොයින් මිලිගෑම් 5,010ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත භාරදී  තිබියදී මෙලෙසෙ මහල් නිවාස සංකීර්ණයෙන් බිමට පැන තිබුණා.

සැකකරු අත්විලංගු සහිතව එම මහල් නිවාස සංකීර්ණයේ පස්වන මහලේ කොරිඩෝව හරහා රැගෙන යමින් සිටියදී බිමට පැන තිබෙනවා.

එම අවස්ථාවේ දී වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සැකකරු ජාතික රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී සැකකරු මියගොස් ඇති බව සදහන්.

කොටහේන පොලීසිය පරීක්ෂණ පවත්වනවා.

WhatsApp Group

Skip to content