ගාල්ල, දඩල්ල උඩුවත ප්‍රදේශයේ සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙක්ගේ මළසිරුරක් ඊයේ (26) උදෑසන ගාල්ල පොලිසිය සොයාගෙන තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 62ක් වූ මහදුරගෙවත්ත, දඩල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම මරණය සිදු වූ ආකාරය සම්බන්ධ නිසි තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වෙන්නේ.

WhatsApp Group

Skip to content