සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන තෙක් වෘත්තිය පුහුණු පාඨමාලාවක් පාසල තුළදී ම හැදෑරීමට සිසුන් හට අවස්ථාවක් ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා.

එමෙන්ම පාසල් 1000 කට ෆයිබර් ඔප්ටික් අන්තර්ජාල පහසුකම් ද ලබා දීමට නියමිතව ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ.

මෙම පහසුකම් ලබා දී පාසල් පද්ධතියේ මෙන්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ද වෘත්තීය නැඹුරුවකින් යුත් පරිවර්තනීය වෙනසක් සිදු කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

https://www.vnews.lk/storage/2023/07/SUSIL-PREMJAYANATH-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content