වැටුප් විශමතා ගැටලුව මුල් කර ගනිමින් ගුරු-විදුහල්පතිවරුන් කලාප කාර්යාල 100ක් ඉදිරිපිට අද උද්ඝෝෂණ මාලවක් පවත්වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා.
ඒ අනුව අද දහවල් 01 න් පසු සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු නතර කරන බවයි පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් අද දිනයේ පැවැත්වෙන උද්ඝෝෂණ ව්‍යාපාරය සඳහා සහභාගී නොවන බව ශ්‍රී ලංකා රජයේ ගුරු හා විදුහල්පති විරෝධතා ජාතික එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසනවා.

WhatsApp Group

Skip to content