සාමාන්‍ය වැසියන්ට පිටව යාම සඳහා උතුරු ගාසා තීරයේ සෑම දිනකම පැය 4 ක හමුදා විරාමයක් ක්‍රියාත්මක කිරීමට ඊශ්‍රායලය එකඟතාව පළ කර තිබෙනවා.

මීට පෙර ඊශ්‍රායලය කිසිදු සටන් විරාමයකට එකඟ නොවූ අතර එය ඉතා යහපත් ප්‍රතිඵලයක් බවයි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගාසා නගරයේ ප්‍රධාන රෝහල් 2 ක් අවට මේ වනවිට දරුණු සටන් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

පසුගිය මස හත් වනදා ආරම්භ වූ මෙම ගැටුම් හේතුවෙන් දරුවන් 4,400 ක් ඇතුලුව 10,800 කට අධික පලස්තීනුවන් පිරිසක් මියගොස් තිබෙනවා.

එමෙන්ම හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ 1,400 දෙනෙකු ද මියගොස් ඇති බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

WhatsApp Group

Skip to content