මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ඉල්ලා අස්වී ඇතැයි මෙතෙක් නිළ වශයෙන් දැනුම් දී නොමැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පවසනවා.

එහි සභාපති , කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ , එලෙස නිල වශයෙන් දැනුම් දුන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මේ අතර , ඉල්ලා අස්වූ බවට කිසිදු සාමාජිකයෙකු මෙතෙක් තමන් වෙත ද නිල වශයෙන් දැනුම්දී නොමැති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළා.

එමෙන්ම පී.එස්.එම්. චාල්ස් මහත්මිය පසුගියදා කොමිසමේ සමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබුනා.

https://www.vnews.lk/storage/2023/01/NIMAL-PUNCHIHEWA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content