අලුත් ආර්ථිකයක් සමඟ ඉදිරියට යාමේ දී ආකල්ප සංවර්ධනය වූ තරුණ පරපුරක් අවශ්ය බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක මහතා පැවසීය.
සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ ශ්රී ලංකා පස් වැනි යොවුන් පාර්ලිමේන්තුවේ හය වැනි සැසිවාරයේ දෙවන දින විශේෂ ආරාධිත අමුත්තා ලෙස එක් වෙමිනි.
ශ්රී ලංකා පස් වැනි යොවුන් පාර්ලිමේන්තුවේ හය වැනි සැසිවාරය ජූනි 08 සහ 09 දෙදින පුරා ජනාධිපති ලේකම් කාර්යාල ශ්රවනාගාරයේදී පැවැත්විණි.
මෙහි පළමු දිනයේ (08) විශේෂ ආරාධිතයන් ලෙස ක්රීඩා හා යෞවන කටයුතු අමාත්ය හරීන් ප්රනාන්දු, ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා අධ්යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න යන මහත්වරු සහභාගි වූහ.
දෙවන දිනයේ (09) විශේෂ ආරාධිතයා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක මහතා සහභාගී වූ අතර ක්රීඩා හා තරුණ කටයුතු අමාත්යාංශයේ ලේකම් කේ. මහේෂන්, ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා අධ්යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න යන මහත්වරු ද ඊට එක්ව සිටියහ.
රට තුළ ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීම වෙනුවෙන් ස්ථිර ආර්ථික ප්රතිපත්තියක අවශ්යතාවය පෙන්වා දෙමින් යෝජිත ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්බන්ධව හා වර්තමානයට ගැලපෙන පරිදි ශ්රී ලංකාවේ ජාතික තරුණ ප්රතිපත්තිය නිර්මාණය කිරීම යන මාතෘකා මෙවර සැසිවාරයේ දී සංවාදයට ගැනිණි.

WhatsApp Group

Skip to content