අද මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

ඊට මූලික වූ හේතු ලෙස ඔවුන් පවසන්නේ නව දුම්රිය ස්ථානාධිපතිවරුන් බදවා ගැනීම, නියමිත පටිපාටියට උසස්වීම් ලබාදීම ඇතුළු ගැටලු කිහිපයක් පිළිබදවයි.

එහි සභාපති සුමේධ සෝමරත්න මහතා ප්‍රකාශ කලේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග ඊයේ දිනයේ පැවැති අදාළ සාකච්ඡා අසාර්ථක වූ බවයි.

විෂයභාර අමාත්‍යවරයා සමග අද සිදුකිරීමට නියමිත සාකච්ඡා ද අසාර්ථක වුවහොත් මධ්‍යම රාත්‍රියේ සිටම වැඩවර්ජනයක් ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

WhatsApp Group

Skip to content