ලබන වසරේ සිට ඉන්ධන මිළ දිනපතා වෙනස්වන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ දෛනිකව ස්වයංක්‍රීයව ඉන්ධන මිල සංශෝධනයට තීරණය කර ඇති බවයි.

ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බව විජේසේකර මහතා කියා සිටිනවා.
එහිදී ඉන්ධන බෙදුම්කරුවන්ගේ අලෙවි මුදල් පිළිබඳව පවතින නඩු කටයුතු සමථයකට පත් කර ගැනීම පිළිබඳ අවධානය යොමුව තිබෙනවා.
එමෙන්ම නව ඉන්ධන හල් ඉදිකිරීමේ කටයුතු හා ලිහිසි තෙල් අලෙවිය සම්බන්ධයෙන් දැනුවත් කෙරුණා.
සියලුම ඉන්ධන හල් සඳහා ස්වයංක්‍රීය පොම්ප මෙන්ම තොග ලබා ගැනීමේ උපකරණ සවි කිරීම පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා.

මෙම සාකච්ඡාවේදී දෛනික ස්වයංක්‍රීයව ඉන්ධන මිල සංශෝධනයට ගෙන ඇති තීරණය පිළිබද දැනුවත් කළ බවයි අමාත්‍යවරයා සිය ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content