ස්ලෝවැකියාවේ දුම්රිය හරස් මාර්ගයකදී සීඝ්‍රගාමී දුම්රියක් බස් රථයක් ගැටීමෙන් පුද්ගලයන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එම අනතුරින් තවත් පුද්ගලයන් 05 දෙනෙකු තුවාල ලබා ඇති අතර,ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව වැඩි විය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
අනතුර සිදුවන අවස්ථාවේ දුම්රියේ පුද්ගලයන් 200 දෙනෙකු පමණ සිට ඇති අතර, බස් රථයේ 09 දෙනෙකු සිට තිබෙනවා.
මෙම දුම්රිය හරස් මාර්ගයේදී බස් රථයේ ගැටීමත් සමග බස් රථය දෙකට කැඩී වෙන්ව ඇති අතර, එහිදී දුම්රිය එංජිම ගිනිගැනීමකට ලක්ව ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content