ගිනිකොනදිග ස්පාඤ්ඤයේ මර්සියා නගරයේ රාත්‍රී සමාජශාලා තුනක හටගත් ගින්නකින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් අතර උපන්දිනය සමරමින් සිටි පවුලක සාමාජිකයන්ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ජීවිතක්ෂයට පත්වූ සියලු පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කරගෙන තිබුණද තවත් පුද්ගලයන් 14 දෙනෙකුගේ අනන්‍යතාව තහවුරු කරගෙන නොමැති බවද එම මාධ්‍ය වාර්තා වල සදහන් කර තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content