ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා මීට පෙර ලබා දුන් සියයට 15 ක පොලිය යළි ලබා දෙන බවට අවස්ථා ගණනාවක දී ප්‍රකාශ කෙරුණ ද, මේ දක්වා එම පොරොන්දුව ඉටු වී නොමැති බව විශ්‍රාමිකයන්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය පවසනවා.

සියයට 15 ක්ව පැවති වාර්ෂික පොලී අනුපාතිකය මේ වනවිට සියයට 9.75 ක් දක්වා අඩු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක දී වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පාර්ශ්ව දැනුවත් කළ ද මෙතෙක් නිසි විසදුමක් ලැබී නොමැති බවයි විශ්‍රාමිකයන්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ ලේකම් සරත් ලාල් කුමාර මහතා කියා සිටියේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ජී. ලැනරෝල් මහතාගෙන් කළ විමසීමක දී කියා සිටියේ මුදල් අමාත්‍යාංශය සහ භාණ්ඩාගාරය සමඟ මේ පිළිබඳව සාකච්ඡා කළ බවයි.

WhatsApp Group

Skip to content