තමන්ව ස්ථාන මාරු කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය ගනු ලැබූ තීරණය බලරහිත කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.

ඒ අනුව ලබන 17 වන දා එය කැදවන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත්තේ.

එම පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

WhatsApp Group

Skip to content