උතුරු නයි­ජී­රි­යාවේ බෝර්නෝ ප්‍රාන්තයේ ස්ථාන 3කට මරා­ගෙන මැරෙන බෝම්බ ප්‍රහා­ර­මා­ලා­වක් එල්ල වීමෙන් පුද්ග­ල­යන් 18 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්ව තවත් පුද්ග­ල­යන් 43 දෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

විවාහ උත්ස­ව­යක්, අව­මං­ගල උත්ස­ව­යක් සහ රෝහ­ලක් ඉලක්ක කර­මින් පසු­ගිය සෙන­සු­රාදා එම ප්‍රහා­ර­මා­ලාව සිදුවී ඇති අතර, එය මරා­ගෙන මැරෙන බෝම්බ­කා­රි­නි­යන් විසින් සිදු කරනු ලැබූ ප්‍රහා­ර­යක් බව එරට පොලි­සිය සැක පහළ කර තිබේ.

කෙසේවෙතත් බෝම්බ ප්‍රහා­රයේ වග­කීම මෙතෙක් කිසිදු පාර්ශ්ව­යක් බාර ගෙන නැහැ.

WhatsApp Group

Skip to content