ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතර දකුණු ආසියානු කලාපයේ තෙවන ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.

එම කලාපයේ පළමු ස්ථානය බංගලාදේශයටත්, දෙවන ස්ථානය නේපාලයටත් හිමිව ඇති අතර පස්වන ස්ථානයේ ඉන්දියාවත්, හත්වන ස්ථානයේ පාකිස්ථානයත් පසුවන බවයි ස්ත්‍රී පුරුෂ පරතර දර්ශකය ප්‍රකාශ කර ඇත්තේ.

ප්‍රධාන මානයන් 4 ක් ඔස්සේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය මනිනු ලබන අතර එය 2006 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලබනවා.

මේ අතර ලෝකයේ ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතර පළමු ස්ථානය අයිස්ලන්තයටත්, දෙවන ස්ථානය පින්ලන්තයටත් හිමිව ඇති අතර තෙවනි ස්ථානයේ පසුවන්නේ නෝර්වේ රාජ්‍යයයි.

WhatsApp Group

Skip to content