නාරාහේන්පිට, ඇල්විටිගල මාවත ප්‍රදේශයේදී ස්ටූඩියෝ ආයතනයක් තුල කූඨ ලේඛන සකස් කළ කාන්තාවක ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී සාමවිනිසුරුවන්ගේ නිල මුද්‍රා 260ක්, ව්‍යාජ හැඳුන්ම්පත් 03ක්, පරිගණක යන්ත්‍ර 03ක් ඇතුළු උපකරණ කිහිපයක් වැටලීම සිදු කළ විශේෂ කාර්ය බලකා රාජගිරිය කඳවුරේ නිලධාරීන් භාරයට ගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31 සහ 70 යන වයස්වල සහ සැකකාරිය 42 හැවිරිදි වියේ පසු වන පල්ලේවත්ත, නාරාමේන්පිට සහ රාගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content