නෙදර්ලන්ත, ස්කොට්ලන්ත සහ අයර්ලන්ත කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඊයේ පැවැත්වුණා.

එහිදි නෙදර්ලන්ත කණ්ඩායම පරාජයට පත්කරමින් ලකුණු 71 ක ජයක් වාර්තා කිරීමටයි ස්කොට්ලන්ත කණ්ඩායම සමත් වුණේ.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 158 ක් රැස් කළා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 14 යි පන්දු 5 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 87 ක් පමණයි.

WhatsApp Group

Skip to content